ART

සමාජ කතිකාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ මැදිහත්වීම වටිනා එකක්. ඒ වුණාට, ඒක අගයනවා නම් කළ යුතුව තිබෙන්නේ උපහාර පිදීම නෙමෙයි. ඒ කතිකාවට විචාරශීලීව මැදිහත් වෙන එක. මේ පොඩියට කරල තියෙන්නෙ එහෙම එකක්.Continue Reading

මාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා හරහා රෙද්ද කැඩුවා වගේ පේනවා.Continue Reading

ඔහුගේ පක්ෂය වන ජවිපෙ 2021දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ගෙන ආ හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ මුදල් පනතට එරෙහිව අධිකරණයට ගියේය. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් කළ යුතුය යන්න ජවිපෙ ස්ථාවරයයි. බැසිල් කරනකොට වැරදිය. මනුවර්ණ කරනකොට හරිය.Continue Reading