අජිත් පැරකුම් ජයසිංහ
රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් අද හා හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කරති.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීම ම නීති විරෝධී ය. එසේ කරන්නේ වර්ජනය කරන බව කියන්නට කොන්ද පණ නැති අය ය.
පරිපාලන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන කාරණය වන්නේ වැටුප් විෂමතා ය. මේ වන විට නිතිපතා සිදු වන රජයේ සේවකයන්ගේ සියලු වර්ජනවල මූලික හේතුව වැටුප් විෂමතා ය.
රජයේ සේවයේ වැටුප් තල සකස් කර තිබෙන්නේ සියලුු වෘත්තීන් එකම ව්‍යූහයක් තුළට රැගෙන ය. එය හරියට වම්බටු, මෑකරල්, තක්කාලි, බෝංචි, බටු, තිබ්බටු, කරවිල, පතෝල ආදී එළවළුවල මිළ වම්බටු කිලෝවක මිළ පතෝල කිලෝවක මිළට වඩා 10%කින් වැඩි විය යුතු ය, පතෝලවලට වඩා වට්ටක්කා මිළ 10%කින් අඩු විය යුතු ය ආදී වශයෙන් මිළ ලකුණු කරන්නා සේ ය. ඒ අනුව වම්බටුවල මිළ වැඩි වුණොත් ඒ හා සමාන්තරව පතෝල මිළ ද, වට්ටක්කා මිළ ද වැඩි විය යුතු ය. හැබැයි වැඩි විය යුත්තේ පරතරයන් 10% වෙනස් නොවන පරිදි ය. නැතිනම් විෂමතාවක් ඇති වේ. වැටුප් විෂමතා කියන්නේ එහෙම ජාතියකි.
දැන් සිදුවන්නේ වම්බටු වෙනම වැඩ වර්ජන, උද්ඝෝෂණ ආදිය කර වැටුප් වැඩි කර ගැනීමයි. ඉන් පසු පතෝල හා වට්ටක්කා උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ වැටුප ඒ හා සමාන්තරව වැඩි නොවූ නිසා තමන්ට විෂමතාවක් වූ බව කියමිනි. වට්ටක්කා කාලයක් තිස්සේ උද්ඝෝෂණ කර පඩිය වැඩි කරගත්තා ය හිතමු. ඒ වන විට වම්බටුවලට අර කලින් තිබූ පරතරය මතක නැත. වම්බටු නැවත වර්ජනයක් පටන් ගන්නේ පතෝල හා තමන් අතර තිබූ පරතරය අඩු වී ඇති බව කියමිනි.
මේවා විසඳන්නට සක්කරයාගේ පුතා වයිමා ආවත් බැරි ය.
රජයන් විසින් කළ යුත්තේ සියලු වෘත්තීය සමිති කැඳවා ඇති තරම් සාකච්ඡා කර, එකඟතාවලට පැමිණ නව වැටුප් ව්‍යූහයක් සකස් කර දෙන ලෙස වෘත්තීය සමිතිවලට ම පැවරීමයි. ඒ සඳහා කාල රාමුවක් නිර්ණය කරගැනීම ද වෘත්තීය සමිතිවලට ම පැවරිය යුතු ය. රජය කළ යුත්තේ ඒ වෙනුවෙන් උපරිම පහසුකම් සැලසීමයි.
රජයේ සේවකයන්ගේ වෘත්තීය සමිති නායකයන් කිසිවෙකු මෙම සමස්ත ප්‍රශ්නය සැලකිල්ලට ගන්නේ නැත්තේ ඇයි? කිසිවෙකු ඒ ගැන මීක් නොකියන්නේ ඇයි? වෘත්තීය සමිති නායකයන් වන වඩා දේශපාලනික කොටස් හෝ ඒ ගැන කතා නොකරන්නේ ඇයි? එය අධ්‍ය්‍යනයන කිරීම අතිශය දේශපාලනික ය.
මෙම ලිපියත් කියවන්න: ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සංවාදයක්