මුඛ ආවරණයක් පළඳින්නේ, ඉවත් කරන්නේ සහ බැහැර කරන්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. මේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පදනම්ව නැවත ලියා තිබේ.
- මුඛ ආවරණ පැළඳිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්, සත්කාර සපයන්නන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පමණක් බව මතක තබාගන්න.
- මුඛ ආවරණය අල්ලන්නට පෙර, දෑත් මධ්‍යසාර පාදක විෂබීජ නාශක ද්‍රාවණයක් හෝ සබන් හා වතුර පාවිච්චි කර සෝදාගන්න.
- මුඛ ආවරණයේ ඉරුණු තැන් හෝ සිදුරු තිබේදැයි පරීක්ෂා කරන්න.
- ඉහළ පහළ නිවැරදිව තබාගෙන පළඳින්න (තද පැත්ත ඉහළට).
- හරි පැත්ත පිටතට යොමු වන පරිදි පළඳින්න (වර්ණ පැත්ත පිටතට).
- මුඛ ආවරණය මුහුණ මත තබා, තද පැත්ත මිරිකා නාසයේ හැඩයට අනුව නිසි පරිදි ආවරණය වන පරිදි සකසා ගන්න.
- මුඛය සහ නිකට ආවරණය වන පරිදි මුඛ ආවරණයේ පහත කොටස පහළට අදින්න.
- පාවිච්චියෙන් පසු මුඛ ආවරණය ඉවත් කරන විට කණ්වලට පිටුපසින් ඇති ඉලාස්ටික් පටිවලින් අල්ලා ගලවා මුහුණෙන් හා ඇඳුම්වලින් ඉවතට ගන්න. මුඛ ආවරණයේ මතුපිට විෂබීජ තැවරී තිබිය හැකි ය.
- වසන ලද පියන සහිත කසල බඳුනකට මුඛ ආවරණය වහාම දමන්න.
- මුඛ ආවරණය ඇල්ලීමෙන් හා එය බැහැර කිරීමෙන් පසු දෑත් පිළිබඳ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. මධ්‍යසාර පාදක දෑත් පිරිසිදු කිරීමේ ද්‍රාවණයක් පාවිච්චි කරන්න නැතිනම්, සබන් හා වතුර යොදා දෑත් සෝදාගන්න