දේශපාලනය නියෝජනය වගේම තමයි හමුදා පොලිස් කාන්තා නියෝජනයත්

Sri Lanka police women

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. අර්බුදකාරී තත්ත්වයන් තුළ සහ ඉන් පසුව කාන්තාවන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ නියෝජනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී.

යුද හමුදාව  – 4%

නාවික හමුදාව – 3.3%

ගුවන් හමුදාව – 7.7%

පොලිසිය – 10%

පද්ධතිය තුළ වෙනස් කොට සැලකීම නිසා පොලිස් කාන්තාවන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් ඔබ්බට යාමට විධිවිධානයක් නැත.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය වැඩි කිරීමෙන්:

  • ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වාර්තා කිරීම කාන්තාවන්ට පහසු වේ.
  • කාන්තා හිංසනය අවම කිරීමට උපකාරී වේ.
  • ජනගහනයේ විවිධ අවශ්‍යතා සඳහා වඩාත් දැනුවත්ව ප්‍රතිචාර දැක්වීමට ආරක්ෂක අංශයට උපකාර වේ.