අජිත් පැරකුම් ජයසිංහ
ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති.
2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය.
ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
- ශ්‍රී ලංකා යුද හමුදාව
- ශ්‍රී ලංකා නාවික හමුදාව
- ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
- සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
- බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
- රාජ්ය බුද්ධි සේවය
- ජාතික ශිෂ්‍ය බලකාය
- ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලය
- ආරක්ෂක සේවා විද්යාලය
- ආරක්ෂක පර්යේෂණ සහ පුහුණු මධ්යස්ථානය
- ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය
- ජාතික ආරක්ෂක ඇකඩමිය
- රණවිරු සේවා අධිකාරිය
- රක්නා ආරක්ෂක ලංකා සමාගම
- රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
- ජාතික ආපදා සහන මධ්‍යස්ථානය
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
- ජාතික ආරක්ෂක අරමුදල
- අපි වෙනුවෙන් අපි අරමුදල
රජයට අවශ්‍ය නම් ආරක්ෂක වියදම් එක රැයින් අඩු කළ හැකිය. ඒ සඳහා කළ යුත්තේ මෙම ලැයිස්තුවේ තිබෙන ඇතැම් ආයතන වෙනත් අමාත්‍යාංශවලට පවරා දීමයි.